Business
ලිට්‍රෝ ගෑස් මිල නැවතත් අඩුවෙයි.
හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම, මුදල් අමාත්‍යංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ එකතුව හදුන්වාදුන් ගෑස් මිල සූත්‍රයට අනුව බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ වත්මන් ගෑස් මිල ගණන් අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බව කී සභාපතිවරයා සියලුම ප්‍රමාණයන්හි ගෑස් සිලින්ඩරවල මිල අඩු වන බව ද සඳහන් කළේය. ගතවූ මාස දෙකක කාලයේදී ලිට්‍රෝ ගෑස් සමාගම සැලකිය යුතු ලාභයක් උපයා ඇතැයි කී සභාපතිවරයා ඉකුත් අගෝස්තු මාසයේ පමණක් සමාගම රුපියල් කෝටි 70ක අධික ලාභයක් උපයා ඇතැයි ද කීවේය.