Connect with us

Business

මෙටා සමාගමේ යළි සේවක කප්පාදුවක්.

Published

on

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදු කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන මාර්ක් සකර්බර්ග් විසින් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි මෙටා සමාගම පවසන්නේ. එහි අරමුණ 2023 වර්ෂය මෙටා සමාගමට කාර්යක්ෂමතාව වැඩි වසරක් බවට පත් කිරීමය. ඒ අනුව මෙටා සමාගමේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කෙරෙමින් තිබෙනවා. මෙටා සමාගම මීට පෙරද වරෙක සේවකයින් 11,000ක් පමණ ඉවත් කළා.