Connect with us

Sports

බැපේ සනසන්න ආ ප්‍රංශ ජනාධිපති.

Published

on

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන්, වසර 36කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගියවර පාපන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිලට දැඩි වේදනාවක් විය. දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගෝල වාර්තා කළ ප්‍රංශ සුපිරි ක්‍රීඩක කේලියන් ම්බැපේටද එය දරාගත නොහැකි කම්පනයක් විය. ලැබූ පරාජයෙන් පසු ම්බැපේ සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය. ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.

(එන්.ඩී.ටීවී.)