Connect with us

Sports

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට.

Published

on

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ලබන 30 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස බංගලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් – 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. බංග්ලාදේශය සහභාගී වන පළමු තරගය ශ්‍රී ලංකාව සමගින් එළඹෙන 31 වනදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.