Connect with us

Sports

යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශුරතාව එංගලන්තයට.

Published

on

යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගන්නට එංගලන්ත ක්‍රීඩිකාවන්ට ඊයේ හැකියාව ලැබුණා. ඒ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී ජර්මන් ක්‍රීඩිකාවන් පරාජය කරමින්. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවුණා,තරගයේ තීරණය ලබා ගැනීම සඳහා අතිරේක කාලය ක්‍රියාත්මක වෙද්දී 110 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් එංගලන්ත ක්‍රීඩිකාවන් ඉතිහාසයේ පළමු වරට යූරෝ කාන්තා පාපන්දු කුසලානය සිය රටට දිනා දුන්නා. ඔවුන් මෙම තරගය ජය ගත්තේ ගෝල 2-1ක් ලෙස ජර්මනිය පරාජය කරමින්.

Continue Reading