Connect with us

Sports

පැතුම් නිශ්ශංක හෙට ඔස්ට්‍රේලියාව සමග තරගයට – ශ්‍රී ලංකා සංචිතයට තවත් තිදෙනකු කැඳවයි.

Published

on

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පර්ත්හිදී පැවැත්වෙනවා. එම තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිශ්ශංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 4:30ට ආරම්භ වීමට නියමිතයි. මීට පෙර අයර්ලන්තයට එරෙහිව පැවති තරගයේදී පැතුම් නිශ්ශංක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබුණා. මේ අතර ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් වශයෙන් තවත් තිදෙනෙකු කැඳවා තිබෙනවා. ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු මෙලෙස සංචිතයට කැඳවා තිබෙනවා.