Connect with us

Sports

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්.

Published

on

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නා බවට පත් වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අතරතුරදී සමත් වුණා. ඒත් සමගම අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා වීමටද ඔහුට හැකි වුණා ප්‍රභාත් ජයසූරියට කඩුළු 50 ලබාගැනීම සඳහා තරග 07ක් සහ ඉනිම් 11ක් වැය වූ අතර එම කඩුළු 50 සඳහා කඩුළු 5 බැගින් දවාගත් අවස්ථාවන් 06ක් සහ කඩුළු 10 බැගින් දවාගත් අවස්ථාවන් 02ක් ද ඇතුළත් වනවා. ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සම කිරීමට ද ප්‍රභාත් ජයසූරිය සමත් වීම විශේෂත්වයක්.