Connect with us

Sports

ජැෆ්නා කණ්ඩායමට ලකුණු 51ක සුපිරි ජයක්.

Published

on

LPL තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරගය ලකුණු 51කින් ජයගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබාදුන්නා.රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 240ක් රැස් කරගැනීමට සමත් විය. එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 73ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් රැස් කළේය. ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ 189ක් පමණි. දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 44ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ 38ක් රැස් කළේය. බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර සුමින්ද ලක්ෂාන් කඩුලු 2ක් දවාගත්තේය.