Connect with us

Politics

ජාතික කොඩිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගත්තොත් වැඩ වරදී

Published

on

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබුණා.

”ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා. දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා”යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.