Connect with us

Business

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමේ අවස්ථාව.

Published

on

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජූලි 29 වැනි දින පවත්වන ලදි. මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත වේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල් ප්‍රයත්නවල ඵලයක් ලෙස මෙම වැඩසටහන පවත්වන ලදි. උපාධිය සඳහා වන සම්පූර්ණ පාඨමාලා ගාස්තු මෙම සිසුන් විසින් ගෙවනු ලැබේ.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමය, බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Beautiful China Investment Co) සහ ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

Continue Reading