Connect with us

Sports

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකා Legends කණ්ඩායම ලකුණු 14ක විශිෂ්ට ජයක් ලබා අවසන් මහා තරගයට.

Published

on

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ
බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලබාදීමටය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු ඉශාන් ජයරත්න පන්දු 19කදී ලකුණු 31ක් රැස් කළ අතර සනත් ජයසූරිය ලකුණු 26ක් සහ ජීවන් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළා.ඒ අනුව ලකුණු 173ක ඉලක්කයක් ලබා පිටියට පිවිසි කොදෙව් Legends කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158ක් පමණයි. කොදෙව් දේශය වෙනුවෙන් සුපිරි සටන්කාමී ඉනිමක් දියත් කළ Narsingh පන්දු 39ක් තුළදී වේගවත් ලකුණු 63ක් රැස් කළා. පන්දු යැවීමේදි සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා. ඒ අනුව ලකුණු 14ක විශිෂ්ට ජයක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මෙවර Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය Legends සහ ශ්‍රී ලංකා Legends කණ්ඩායම් අතර හෙට රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.