Business
කොටස් වෙළඳපොළ ඉහළට.
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය සටහන් වූයේ 9,191 යි දශම පහයි දෙකක් ලෙසයි. මෙලෙස සමස්ථ මිල දර්ශකය අඛණ්ඩව ඉහළ ගියේ 12 වන දිනටයි. ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක විසිපහයි දශම දෙකයි අටකින් එනම් සියයට දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා. ඒ අනුව එම දර්ශකය දිනය අවසානයේ 3,097 යි දශම තුනයි බින්දුවක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන පහයි දශම අටක්.