Connect with us

Sports

කිවියන්ට ලකුණු 285ක ඉලක්කයක්.

Published

on

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා සත්කාරක නවසීලන්තයට ලකුණු 286ක ඉලක්කයක් හිමි වුණා. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව එහිදී සියලු දෙනා දැවී ලකුණු 302ක් රැස් කළා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28ක්, සටන්කාමි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී Blair Tickner කඩුළු 4ක්, Matt Henry කඩුළු 3ක් සහ නවසීලන්ත ටෙස්ට් නායක Tim Southee කඩුළු 2ක් බිඳ හෙළුවා.