Connect with us

Sports

කහ සහ නිල් වර්ණයෙන් හැඩ ගැන්වුණු සිංහයන් පළඳින නිල T20 ලෝක කුසලාන ජර්සිය එළිදක්වයි.

Published

on

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙස ජයග්‍රාහි මානසිකත්වයෙන් ප්‍රවිෂ්ට වනවා. කෙසේ නමුත් විස්සයි-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට මෙවරද සිදුව තිබෙන අතර එය වාසියක් බවට පෙරළා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් තරගාවලිය අරඹා ලෝක කුසලානය ජයග්‍රහණය කළ ක්‍රිකට් ඉතිහාසයේ එකම කණ්ඩායම බවට පත්වීමේ අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා හෙට දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළඳින නිල ජර්සියක් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් එළිදක්වනු ලැබුවා. ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පහත
ජර්සියෙන් සැරසී ක්‍රිඩා කරනු ඇත.