Connect with us

Sports

කමිඳුගෙන් තවත් වාර්තාවක්

Published

on

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් අද (27) සමත් වුණා.

ඒ, අඩුම ඉනිම් ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමින්.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තරග 7කදී ඉනිම් 13කින් ලකුණු 1000 සම්පුර්ණ කර තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් තරග 8කදී ඉනිම් 13 කින් ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඒ අනුව 1950 වසරෙන් පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පිතිකරුා අතරට එක්වීමටද කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

මේ අතර ආසියානු ටෙස්ට් පිතිකරුවන් අතරින් ශතක 5 ක් රැස්කිරීමට අඩුම ඉනිම් ගණනක් වැය කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව ද කමිඳුගේ ඉදිරියේ ලියවෙනවා.

13 innings – Kamindu Mendis

22 innings – Cheteshwar Pujara

22 innings – Fawad Alam