Connect with us

Sports

ඒරන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි.

Published

on

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට මිට පෙර කටයුතු කළා. 2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත්වීමට සුදුසු අවස්ථාව මෙය බව ෆින්ච් මෙම සමුගැනීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටිනවා. 2021 විස්සයි-20 ලෝක ශුරතාවය කරා ඔස්ට්‍රේලියාව මෙහෙයවූ නායකයා වන ඒරන් ෆින්ච්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ හිමි වූ පළමු හා එකම විස්සයි විස්ස ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමි කර දුන් නායකයා ද වනවා. ජාත්‍යන්තර තරග 254ක් ක්‍රීඩා කර ඇති ෆින්ච් එහිදී ලකුණු 8,804ක් රැස් කරගෙන ඇති අතර, ඊට ශතක 19ක් හා අර්ධ ශතක 51ක් ඇතුළත් වනවා. මේ වන විටත් T20 තරග ආකෘතියේ ඒරොන් ෆින්ච් ලකුණු 34.28ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටින අයෙකි. මෙතෙක් T20 තරගයකදී පිතිකරුවෙක් ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 172 රැස් කරගෙන ඇත්තේද ඔහුය. T20 ජාත්‍යන්තර පිටියේ දී ෆින්ච් ලකුණු 3,120ක් ලබාගෙන ඇති අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර 20 ජාත්‍යන්තර තරගවලදී පිතිකරුවෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා. ෆින්ච් වසර 12ක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.