Connect with us

Sports

“එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනවා.” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තහවුරු කරයි !

Published

on

ශ්‍රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට සූදානම් බව තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මහේල ජයවර්ධන ගියවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ද ශ්‍රි ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස සම්බන්ධ වුණා. මුල්පෙළ පිතිකරුවෙක් ලෙස අසාර්ථක වී සිටි භානුක රාජපක්ෂ නොම්බර පහ පිතිකරුවෙක් ලෙස මැදපෙළ පිතිකරුවෙක් බවට පත් කිරීම මෙන්ම අද ලෝක විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල හොඳම දහදෙනා අතර සිටින පැතුම් නිශ්ශංක විස්සයි-20 සංචිතයට කැදවන්නේද මහේල ජයවර්ධනගේ අදහස් මතයි.