Connect with us

Sports

ආසියානු කුසලාන තරඟාවලිය අරඹමින් පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයේදී Singapore කණ්ඩායම පරාජය කළ Hong Kong කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්.!

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ඊයේ
(20) ආරම්භ වුවා. UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවල මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර එහි පළමු තරඟය Singapore සහ Hong Kong කණ්ඩායම් අතර ඊයේ පැවති පළමු තරඟයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Hong Kong කණ්ඩායම සමත්වුනා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් Singapore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Hong Kong කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Hong Kong කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත්වුණා. Hong Kong ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Kinchit Shah ලකුණු 34ක් වාර්තා
කිරීමට සමත්වුනා. Haroon Arshad ලකුණු 27ක් රැස් කළ අතර Yasim Murtaza ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී Akshay Puri, Amjad Mahboob සහ Janak Prakash කඩුලු 2 බැගින්
බිඳ හෙලීමට සමත්වූනා. ඒ අනුව ලකුණු 149ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Singapore
පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි Singapore ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Janak Prakash ලකුණු 31ක් රැස් කල අතර
Aritra Dutta ලකුණු 29ක් රැස් කළා. පන්දු යැවීමේදී Ehsan Khan කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුනා. තරඟයේ වීරයා සම්මානය ද හිමි වුයේ Ehsan Khan හටයි.