Sports
ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට – මහීෂ් තීක්ෂණට ආසියානු කුසලාන අවසන් මහා තරගය අහිමි වෙයි.
හෙට පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ්තීක්ෂණ සහභාගි නොවනවා.
ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රකාශයෙකු සඳහන් කළේ මහීෂ් තීක්ෂණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙන බවයි. පාකිස්ථානය සමග පසුගියදා පැවති තරගයේදී ආබාධයට ලක්වූ මහීෂ් තීක්ෂණ ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබුවා. පන්දු රකිමින් සිටිය දී ඔහු දකුණු පාදයේ ආබාධයට ලක්වූ අතර එය පසෙකලා මහීෂ් තීක්ෂණ පසුව සිය අවසන් පන්දුවාර කිහිපය ද යොමු කළා.