Connect with us

Sports

ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

Published

on


2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් හා කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. මේ අතර ආබාධවල​ට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංක සංචිතය සඳහා නම් කර නොමැත. ඔවුන් වෙනුවට දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා. බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් වෙනුවට ප්‍රමාද වී සංචිතයට ඇතුළත් කර ඇති බැවින් ඔවුන්ගේ නම් ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇත. කුසල් ජනිත් පෙරේරා ඔහුට වැළඳී තිබූ උණ රෝගයකින් සුවය ලබමින් සිටින අතර සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු සංචිතයට එක්වීමට නියමිතයි. අදාළ සංචිතය පහතින්,