Connect with us

Sports

අයර්ලන්තය ඉනිමකින් සහ ලකුණු 280කින් පරදා ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම ටෙස්ට් ජය ලබාගනී.

Published

on

අයර්ලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. වසර 41ක් වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලෙසින් එය වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාවේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙසින් මීට පෙර වාර්තා වූයේ වසර 2004 දී හරාරේ නුවරදී සිම්බාබ්වේ පිල ඉනිමකින් සහ ලකුණු 256 කින් පරාජය කිරීමයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබා ගත් අතර එහිදී දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම ශතක ලබාගැනීමට සමත් වුණා. ඉන් පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිතිකරුවන් හට ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු හමුවේ ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි. එහිදී ලෝකන් ටකර් ලකුණු 45ක් සහ සහ හැරී ටෙක්ටර් ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 7ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිට පිටම සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වූ අයර්ලන්තයට එහිදීද ලබා ගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි. හැරී ටෙක්ටර් ලකුණු 42ක් සහ කර්ටිස් ලකුණු කැම්පර් ලකුණු 30ක් රැස් කළ අතර රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. මේ අතර පිට දඟ පන්දු යවන ක්‍රීඩා රමේෂ් මෙන්ඩිස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50ක් ක්‍රීඩකයා ලෙස ඩිල්රුවන් පෙරේරාගේ ටෙස්ට් තරග 11 වාර්තාව සම කළා. නමුත් මේ වන විට ටෙස්ට් තරග 6කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් කඩුලු 43ක් දවාගෙන, ඊළඟට වාර්තාව තමන් සතුකර ගැනීමේ අභිලාෂයෙන් සිටිනවා. ඉනිම දෙකේදීම ලකුණු 108කට කඩුලු 10ක් දවාගනිමින් අයර්ලන්ත පිතිකරුවන් දණගැස්වූ ප්‍රභාත් ජයසූරිය තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.