Connect with us

Politics

අද දින කොරෝනා ආසාදිතයින් 75ක් හමුවේ

අද මෙරටින් කොරෝනා වෛරස්ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

Published

on

අද මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 664647ක් දක්වා ඉහළ යන බවයි. මෙම ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 647463ක්. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 2ක් ද තහවුරු කර තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙක්. මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16533ක් ලෙසටය.