Connect with us

Sports

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට.

Published

on

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරදා කඩුළු 6ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75ක් පමණයි. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී කඩුළු 3ක් සහ කවීෂා දිල්හාරි කඩුළු 2ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.3ක් අවසානයේ කඩුළු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 18ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරග වැදීමට නියමිත අතර එම තරගය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.