Connect with us

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීගයේ පස්වැනි දිනය අද – කණ්ඩායම් සතර සිව්කොන් සටනක.

Published

on

එළඹෙන ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ලීග් තරගාවලිය මේ වනවිට (13) ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය කණ්ඩායම් 04ක් තරග වදින අතර, එම කණ්ඩායම් වන්නේ, ‘Greens, Reds, Blues සහ Greys යන කණ්ඩායමුයි. මෙම කණ්ඩායමේ නායකයින් ලෙස පිළිවෙළින් දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක හා අෂාන් ප්‍රියංජන් කටයුතු කරනවා. ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 09 වැනි දින ආරම්භ වූ අතර, එය Greens හා Reds අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 09කින් ජයග්‍රහණය කිරීමටයි ග්‍රීන්ස් කණ්ඩායම සමත් වුණේ.
එහිදී අගනා පිතිකරණයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේ පන්දු 56කට මුහුණදෙමින්. නමුත් ජයග්‍රහණයට ලකුණු 162ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් පිළට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153ක් පමණයි. මේ අතර, මෙම තරගාවලියේ දෙවැනි තරගය බ්ලූස් හා ග්‍රේස් අතර පැවැත්වුණේ එදිනම (10) රාත්‍රියේදියි. එහිදී කඩුලු 04කින් තරගය ජයගැනීමට බ්ලූස් පිල සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් පිල ලබාගත්තේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්ලූස් කණ්ඩායම ජයග්‍රහණය තමන් සතු කරගත්තේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින්.

මෙම තරගාවලිය අගෝස්තු මස 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිත අතර, සෑම කණ්ඩායමක් ම පළමු වටයේ තරග තුනක්ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් ම සිටින කණ්ඩායම් දෙක අගෝස්තු 16 වැනි දා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.