Connect with us

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්.

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම්දීම සිදු කළේය. අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවය. නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමීව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය. නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත එම කටයුතු සිදුවන බවද ඔහු කියා සිටියේය. අනතුරුව පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියම වුණා.