Connect with us

Sports

ශ්‍රී ලංකාව ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනී.

Published

on

එංගලන්තයේ බර්මින්හැම් නුවර මේ වන විට පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි තරග අද(29) පැවැත්වෙනවා.

ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරගය නිමා වූයේ සුපිරි නවසීලන්ත කණ්ඩායමට ලකුණු 63 – 05 ජයග්‍රහණයක් අත්කර දෙමින්.

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරිඳු රත්වත්ත නවසීලන්ත කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුමක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීම්ක් වුණා.

මේ තරගයේ පළමු භාගය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම ලකුණු 28 ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුමක් ලබා ලකුණු 5ක් ලබා සිටියා.

තරගයේ දෙවැනි භාගය දී නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ ලකුණු 28 ට තවත් ලකුණු 35ක් එක්කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වතාවක් ඔවුන්ගේ සීමාව අභිබවා යාමට ඉඩ නොදෙමින්ය.

ඒ අනුව ඔවුන් තරගය නිම කරන විට මුළු ලකුණු සංඛ්‍යාව 63 දක්වා ඉහළ දමා ගන්නට සමත්ව සිටියා.

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී සත්සාමාජික රග්බි තරගාවලිය සඳහා ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊලඟ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ සමෝවා කණ්ඩායමයි.

ඒ අතරින් එංගලන්ත කණ්ඩායම සහ සමෝවා කණ්ඩායම අතර පැවති තරගය නිමා වූයේ සමෝවා කණ්ඩායමට ලකුණු 35-00 ක පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර දෙමිනි.

Continue Reading