Connect with us

Sports

ශ්‍රී ලංකාවට ලකුණු 390ක දැවැන්ත ඉලක්කයක් – ඉන්දියාවෙන් ශතක දෙකක්.

Published

on

චාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද තිරුවනාතපුරම්හිදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සමගින් පිටියට පිවිසියා. ධනංජයද සිල්වා වෙනුවට අශේන් බණ්ඩාරද වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙනුවට දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේද ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිත්සේ එලව එලවා පහරදුන් ඉන්දීය පිතිකරුවෝ තිරුවනාතපුරම් නුවරදී නියමිත පන්දුවාර 50 නිමාවන විට කඩුළු 5ක් දැවී ලකුණු 390ක් ලබාගත්හ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි පන්දු 110කින් නොදැවී ලකුණු 166ක්, Shubman Gill ලකුණු 116ක් හා Rohit Sharma ලකුණු 42ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුළු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 391ක්.