Connect with us

Sports

වෙනස්කම් වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කරයි

Published

on

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිවී ඇත්තේ, ධනංජය ද සිල්වා හටයි.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ පැවැති තරගාවලියේ දක්ෂතා දැක්වූ ඔෂධ ප්‍රනාන්දු කැඳවා තිබීමත් විශේෂත්වයක්.

මෙම තරගාවලියේ පළමු තරගය අනිද්දා (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර කමිඳු මෙන්ඩිස් හට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාදීමට තීරණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර පිට කොන්දේ අබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම අංක හත ස්ථානයේ ක්‍රීඩා කරවීමට සැලැසුම් කර ඇති බව ද සඳහන්.

ඒ අනුව අංක තුන ස්ථානයේ බොහෝදුරට ඔෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති.