Connect with us

Sports

වනිඳු හසරංගගේ ලෝක වාර්තාවක් නේපාල නායක සන්දීප් ලැමිචේන් විසින් බිඳ දමයි!

Published

on

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ වාර්තාවක් බිඳ දමන්නට නේපාල ක්‍රීඩක සන්දීප් ලැමිචේන් සමත්වී තිබේ. වසරක් තුල වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුළු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නාගේ වාර්තාව පසුගිය වසරේදී අලුත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත්වූයේ කඩුළු 35ක් දවා ගනිමින්.
මේ දින වල පැවැත්වෙන නේපාල කෙන්යා විස්සයි විස්ස තරගාවලියේදී කඩුළු 12ක් දවා ගන්නට නේපාල කණ්ඩායම් නායක සන්දීප් ලැමිචේන් මේ වසරේදී කඩුළු 38ක් සම්පූර්ණ කිරීමට සමත් විය. නේපාල කණ්ඩායමට වැඩි වශයෙන් සීමිත පන්දුවාර තරග හිමි වන අතර ලැමිචේන් තරග 18ක් පමණක් වැය කරමින් කඩුළු 38ක් දවා ගෙන තිබීම විශේෂත්වයක්. ඔහුගේ මේ වසරේ හොඳම පන්දු යැවීම කෙනයා කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ට කඩුලු 5ක් බිඳ හෙළීම වාර්තා අතරට එක්විය. කෙසේ නමුත් හසරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ එම වාර්තාවේ නව හිමිකරුවා වන්නේ ලැමිචේන්ය.