Connect with us

Sports

පැතුම් නිශ්ශංකගේ හා ප්‍රමෝද්ගේ ආබාධයන් බරපතල නොවන ලකුණු – දෙදෙනාම සුපිරි 12 වටයේ පළමු තරගයට !

Published

on

පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ආබාධයට ලක්වූ අතර අද ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි ඉහළ පෙළේ ක්‍රිකට් ආරංචි මාර්ග මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා. අද නෙදර්ලන්තයට එරෙහිව නිමාව දුටු තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකද ආබාධයකට ලක්වූ අතර ඔහු පන්දු රැකීමටද එක් නොවීය. නිශ්ශංක අද තරගය පැවැත්වෙන අවස්ථාවේදීම ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර ඔහුගේ තත්වය පිළිබඳවද ඒ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොතිබුණි. කෙසේ නමුත් වෛද්‍ය වාර්තාවලට අනුව සඳහන් වූයේ පැතුම් නිශ්ශංකගේ හා ප්‍රමෝද් මධුෂාන්ගේ ආබාධ තත්වයන් එතරම් බරපතල නොවන බවත් සුපිරි 12 දෙනාගේ වටයේ පළමු තරගයට ඔවුන් දෙදෙනාම කැඳවීමට නියමිත බවත්ය. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධවලට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇති අතර එම ක්‍රීඩකයින් වනුයේ දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක හා ධනිෂ්ක ගුණතිලකයි.