Connect with us

Sports

නෙදර්ලන්තය පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්.

Published

on

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 47.4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා එහිදී ශතකය පෙනි පෙනී ලකුණු 93කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 33ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් හා වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 3 බැගින් සහ Saqib Zulfiqar කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192ක් පමණයි. එහිදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිරත වූ නෙදර්ලන්ත නායක Scott Edwards ලකුණු 67ක් සහ Wesley Baressi ලකුනු 52ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙළුවා.