Connect with us

Sports

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වෙයි – ශ්‍රී ලංකා දෙවන ඉනිම 97/2

Published

on


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 37ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 19ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට නොහැකි වුණා. පන්දු යැවීමේදී Matt Henry හා Michael Bracewell කඩුලු 3 බැගින් හා Tim Southee, Doug Bracewell හා Blair Tickner එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම පිට පිටම දෙවෙනි ඉනිමටත් පන්දුවට පහර දීමේ අවමානයට ලක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. මේ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් ලබා සිටිනවා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා සහ කුසල් මෙන්ඩිස් 37ක් ලබා සිටිනවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 51ක් සිටියදී දැවී ගියා. Doug Bracewell සහ නවසීලන්ත නායක Tim Southee එක් කඩුල්ලක් බිඳ හෙළුවා. නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 318ක් ඉදිරියෙන් පසුවනවා.