Connect with us

Sports

දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව රනින් බැබළෙයි

Published

on

දකුණු අසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා සමත් වූවාය.

ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමිනි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනා ගත්තාය.

මේ අතර පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් වූයේ මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් තරගය අවසන් කරමිනි.

මේ අතර කාන්තා මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ෂනේලා සෙනෙවිරත්න සමත් වූයේ තත්ත්පර 12යි දශම 04කින් තරගය අවසන් කරමිනි.

මෙහි සිව්වැනි ස්ථානය ශ්‍රී ලංක‍ාවේ ධනනී රෂ්මා දිනා ගත්තාය.

මේ අතර පිරිමී මීටර් 100 අවසන් මහ තරගයේදී  රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහත් (තත්ත්පර 10යි දශම 41) රිදී පදක්කම දිනාගැනීමට දිනේත් ඉඳුවරත් (තත්ත්පර 10යි දශම 49) සමත් විය.

එම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවරදී ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *