Connect with us

Politics

තාත්තා නවත්තපු තැනින් මම පටන් ගන්නවා – පැහැදිලිවම මේ රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා

Published

on

මැතිවරණ කාලයේ වාසි ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර රටේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බව පැවසු රාජපක්ෂ මහතා 2015 රට සංවර්ධනය නතර වූ තැනින් ඉදිරියට රැගෙන යන බව පවසා සිටියේය.

පැහැදිලිවම මේ රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන්ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා. අපේ ගණුදෙනුව තියෙන්නේ ගම් මට්ටමින් ජනතාව එක්ක. අපි හැමදාම හිටියා එකම ප්‍රතිපත්තියක් මත. ඒ කියන්නේ ඒකීය රටක් කියන කාරණය. උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකළ යුතුයි කියන තැන. පොලිස් ඉඩම් බලතල දෙන්නේ නැහැ කියන කාරණය. අනිත් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලේදී වාසි ලබා ගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. උතුරු නැගෙනහිර ජනතාව මාව විශ්වාස කරනවා. මොකද මම ඒ අයට ඇත්ත කියනවා. කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැහැ නම් බැහැ තමයි. පැහැදිලිවම පොලිස් හා ඉඩම් බලතල දෙන්න බැහැ. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න බැහැ. මේ රට බෙදන්න බැහැ. ඇත්ත කියල උතුරේ තරුණ ජනතාවට සහ අනාගත පරම්පරාවට අපි යතාර්ථය පැහැදිලි කරනවා මිසක් මැතිවරණ කාලේ වාසි ලබාගන්න බොරු කියන එක හොඳ නැහැ. 2015 රට සංවර්ධනය නතර වූ තැනින් ඉදිරියට අපි අරගෙන යනවා”

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ඊයේ (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.