Connect with us

Entertainment

ටේලර් ස්විෆ්ට්ගේ පැවත්වීමට නියමිතව තිබූ ප්‍රසංග තුනක් අවලංගු වෙයි

Published

on

වියානාහි පැවැත්වීමට නියමිතව තිබූ ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කර තිබෙනවා.

ඒ, ආරක්ෂක හේතූන් මත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

‘Swift’s Eras’ සංචාරයේ කොටසක් වන මෙම සංදර්ශන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා ‘Ernst Happel’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

එම ප්‍රසංග අවලංගු කරමින් සංවිධායකයින් විසින් නිවේදනය කර තිබුණේ, අර්න්ස්ට් හැපල් ක්‍රීඩාංගනයේ සැලසුම්ගත ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ රජයේ නිලධාරීන් විසින් තහවුරු කිරීම හේතුවෙන්, සියලුදෙනාගේ ආරක්ෂාව සඳහා පැවැත්වීමට නියමිත සංදර්ශන තුන අවලංගු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඊයේ (07) දිනයේදී ‘ප්‍රහාර සැලසුම් කිරීම’ සම්බන්ධයෙන් වූ චෝදනා මත ඔස්ට්‍රියානු අගනුවරදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ද ගෙන තිබුණා.

අගනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර තිබුණේ ISIS හි අනුගාමිකයෙකු ලෙස හඳුනාගත් 19 හැවිරිදි ඔස්ට්‍රියානු පුරවැසියෙකු සහ තවත් අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් එම 19 හැවිරිදි තරුණයා, ජුලි මාසයේදී ISIS නායකයාට පක්ෂපාතී බවට ප්‍රතිඥා දෙමින් අන්තර්ජාලය තුළ රැඩිකල්කරණයට ලක්ව ඇති බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය මත ප්‍රසංග අවලංගු කිරීම නිසාවෙන් අපහසුතාවට පත් රසිකයන් හට ඉදිරි දින 10 ඇතුළත මිලදී ගත් සියලුම ප්‍රවේශපත්‍ර සඳහා ආපසු ගෙවීම් කරන බවත් ප්‍රසංග සංවිධායකයින් විසින් දැනුම් දී තිබුණා.

ටේලර් ස්විෆ්ට්ගේ වාර්තාගත Eras සංචාරය 2023 මාර්තු 18 වන දින ඇරිසෝනා හි Glendale හිදී ආරම්භ වූ අතර එය කිහිප වතාවක්ම දීර්ඝ කරනු ලැබුවා.

එතැන් පටන් එය එක්සත් ජනපදය, දකුණු අමෙරිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව හරහා ගමන් කර තිබෙනවා.

Continue Reading