Connect with us

Sports

ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත් වුණා. ඒ අද තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 143ක් රැස්කර ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 35ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක් රැස් කළා. . ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පස්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඉන් පසු එකොළොස්වැනි පන්දුවාරයේදී නැවත වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය එතැනින් නතර කර දැමුණා. ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 11කදී රැස්කර ගත යුතු වු ලකුණු සංඛ්‍යාව 75කි. ඒ අනුව ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුලු 3ක දැවී ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තේය. ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් පරාජයට පත්වු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවී තිබේ.

කැන්ඩි ෆැල්කන්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 143
(පැතුම් නිස්සංක 35, කමිඳු මෙන්ඩිස් 26, අශේන් බණ්ඩාර 13, නජිබුල්ලා සද්රාන් 22, කාලෝස්
බ්‍රැත්වෙයිට් 12, චාමික කරුණාරත්න 14, මහීෂ්තීක්‍ෂණ 24/2, විජේකාන්ත්වියස්කාන්ත් 30/3)
ජැෆ්නා කිංග්ස් – ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 98 යි
(රමනුල්ලා ගුර්බාස් 10, අවිශ්ක ප්‍රනාන්දු 21, අෆිෆ් හොසේන් 14, සධීර සමරවික්‍රම නොදැවී 15, දුනිත්
වෙල්ලාලගේ නොදැවී 19, කාලෝස් බ්‍රැත්වෙයිට් 32/2)