Sports

චන්දිමාල්ගෙන් සහ සධීරගෙන් ශතක – ශ්‍රී ලංකා ඉනිම කඩුළු හයක් දැවී ලකුණු 591ක් ලබා සිටියදී අත්හිටුවයි.

Published

on

ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ වන පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනය වන අද දිනයේදී ශතක රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම සමත් වුණා. සිය 14 වන ශතකය රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වූ ඔහු ඊට හතරේ පහර 12ක් එක් කළා. වසර හයකට පසු කණ්ඩායමට යළි එක් වූ කඩුළු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සිය මංගල ශතකය ලබාගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 11ක් ඇතුළත් වුණා. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම කඩුළු හයක් දැවී ලකුණු 591ක් ලබා සිටියදී අත්හිටුවන්නට තීරණය කළා. ඒ වන විට සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 104ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක් ලබා සිටියා.

Trending

Exit mobile version