Sports

Legends ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා Legends සංචිතය නම් කරයි !

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වීමට තිබු තරගාවලිය විවිධ හේතුන් මත කල් ගිය අතර මේ වන විට පැවැත්වෙන දිනය තහවුරු කර තිබෙනවා. මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය. මේ අතර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඇරඹෙන Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙවරත් තිලකරත්න ඩිල්ෂාන් විසින් දරනු ලබනවා. එමෙන්ම මෙම සංචිතයට චමින්ද වාස්, සනත් ජයසූරිය ඇතුළු මෙරට ක්‍රිකට් වංශකතාවේ පුරාවෘත්ත රැසක්ම එක්ව සිටින අතර තිසර පෙරේරා, ඩිල්ශාන් මුණවීර, ඉසුරු උදාන වැනි අලුත් මුහුණු කිහිපයක් ද මෙවර සංචිතයට නම් වී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා Legends සංචිතය පහතින්,

තිලකරත්න ඩිල්ෂාන් (නායක)
සනත් ජයසූරිය
උපුල් තරංග
චමින්ද වාස්
චාමර සිල්වා
ධම්මික ප්‍රසාද්
චාමර කපුගෙදර
නුවන් කුලසේකර
මහේල උඩවත්ත
ඩිල්ශාන් මුණවීර
ඉසුරු උදාන
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
දිල්රුවන් පෙරේරා
අසේල ගුණරත්න
චතුරංග ද සිල්වා
ඉශාන් ජයරත්න
කෞශල්‍ය වීරරත්න
චින්තක ජයසිංහ
රුමේෂ් සිල්වා

https://taprobanenews.com/wp-content/uploads/2022/09/V_1.mp4

Trending

Exit mobile version