Sports

Dambulla Aura කණ්ඩායම සමග පැවති තරගයෙන් B-Love Kandy කණ්ඩායමට කඩුළු 7ක ජයක්.

Published

on

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලබාගැනීමට B-Love Kandy කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Dambulla Aura කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 156ක් ලබාගත්තා. සුපිරි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 39කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 61ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32ක් රැස් කළා. ලකුණු 157ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි B-Love Kandy කණ්ඩායම පන්දුවාර 18.3ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියා. එහිදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 29කින් වේගවත් ලකුණු 48ක් රැස් කරගත් අතර ඇන්ජලෝ මැතිව්ස් සහ Fakhar Zaman ලකුණු 28 බැගින් ලබාගත්තා. ඒ අනුව B-Love Kandy කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට සමත් වුණා.

Trending

Exit mobile version