Connect with us

Gallery

රන්ජන් මඩුගල්ලේ ලොව පලමු තැනට

Published

on

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තරග තීරකවරයා ලෙසින් එක්වෙමින් ඔහු මෙම ඓතිහාසික කඩයිම පසුකළේය.

මඩුගල්ලේ මහතා ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස සිය වෘත්තීය ගමන්මග ආරම්භ කර තිබුණේ 1993 වසරේදීය.

ටෙස්ට් තරග 200ක් විනිශ්චය කළ පළමු හා එකම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ලේ මහතා වන අතර, ඔහු මේ වනවිට  ටෙස්ට් තරග 216කට සිය දායකත්වය ලබා දී ඇත.