Local News

හරිනි අමරසූරිය තිස්ස අත්තනායකගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලයි

Published

on

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ, කොළඹ දිසා අධිකරණය හමුවේයි.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ පුද්ගලික සමාගමක්.

පැමිණිලිකාරිය පවසා සිටින්නේ ඉකුත් අගෝස්තු මස 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වූ තිස්ස අත්තනායක මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් ශ්‍රී දළදා පෙරහැර නැවැත්වීමට කටයුතු කරන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

විත්තිකරු, තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි චෝදනා කළ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව කියා සිටිනවා.

සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය දිසා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version