Sports

සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 4ක සුපිරි ජයක්.

Published

on

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4 තරග වටය ආරම්භ වීමත් සමගයි. Super 4 තරග වටය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙනි. එම තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුණා. ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 45කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා. Ibrahim Zadran ලකුණු 42ක් රැස්කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුණ අතර මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තා. ඒ අනුව ලකුණු 176ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 179ක් වාර්තා කර තරගය ජයග්‍රහණය කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 19ක් තුල වේගවත් ලකුණු 36ක් රැස් කල අතර ඊට අනගි සහයක් ලබා දුන් පැතුම් නිස්සංක ලකුණු 35ක් රැස් කළා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 33ක් සහ අවසන් පන්දුවාරයන්හි සුපිරි ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 14ක් තුල ලකුණු 31ක් වාර්තා කළා. වනිඳු හසරංග ලකුණු 16යි. පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Naveen-ul-Haq කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග Super 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුනා.

Trending

Exit mobile version