Sports

සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 9කින් පරදා ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.

Published

on

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගය කඩුලු 9කින් ජය ගනිමිනි. ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට ලෙස ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තා. අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 32.2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක්, මතීෂ පතිරණ කඩුලු 2ක් හා දසුන් ශානක එක් කඩුල්ලක් බිද හෙළීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී  සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sean Williams ලකුණු 56ක් හා Sikandar Raza ලකුණු 31ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33.1ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න එක්ව පළමු කඩුල්ලට ලකුණු 103ක සම්බන්ධතාවයක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්හ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 102කදී හතරේ 14ක් සමගින් ලකුණු 101ක් ලබා ගනිමින් සිය දෙවන එක්දින ශතකය ලබාගත් අතර දිමුත් කරුණාරත්න ලකුණු 30ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.

Trending

Exit mobile version