Local News

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්.

Published

on

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවමින් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදු කෙරෙන විමර්ශනවල අදාළව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මාස තුනක කාලයක් සඳහා මෙම තහනම පනවා තිබෙනවා. 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා ඇත.

Trending

Exit mobile version