International

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන ඉදිරිගමන තීරණය වන අතිශය තීරණාත්මක, ඇෆ්ගනිස්ථාන – බංගලාදේශ තරගය අද!

Published

on

ඉකුත් 27 වැනිදා ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් අද තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එල්ල කරනු ඇත. අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තාන බංග්ලාදේශ තරඟයේදී යම්
හෙයකින් ඇෆගනිස්තාන කණ්ඩායමට බංග්ලාදේශය පරාජය කිරීමට හැකිවුවහොත් ලබන පළමුවැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ ජයග්‍රාහකයා ඇෆ්ගනිස්තාන සමඟින් B ඛාණ්ඩයෙන් අවසන් පූර්ව වටයක් සඳහා පිවිසෙනු ඇත. එසේ නොවුනහොත් යම් හෙයකින් අද තරගය බංග්ලාදේශය ජය ගත හොත් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශාල ලකුණු පරතරයකින් ජයගැනීමට සිදුවනු ඇත. මේ වන විටත් NRR අගය ධන පහක අගයක රඳවාගෙන ඇති ඇෆ්ගනිස්තානයට අද තරගය පරාජය වුවද අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය. ඒ හේතුවෙන් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක අතර යම්හෙයකින් බංග්ලාදේශය අද පරාජය වුවහොත් B කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය කෙසේ හෝ පරාජය කිරීම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයකට පිවිසීමට සෑහේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ NRR අගය -5ක අගයක පැවතීම හේතුවෙන් අද තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් මීළඟ තරඟය සාමාන්‍ය අන්දමකින් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රමාණවත් නොවනු ඇත.

Trending

Exit mobile version