Sports

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා සුපිරි ජයක්.

Published

on

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිමවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. තරගයේ පළමු ඉනිමේ ද කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූ අතර සමස්ත තරගයේ ඔහු තමන් සතුකරගත් කඩුලු සංඛ්‍යාව 8කි. රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූ අතර පළමු ඉනිමේ ඔහු විසින් දවාගත් කඩුලු 5 සමඟ තරගයේ කඩුලු 9ක් දවා ගැනීමට ඔහු සමත්වීමද විශේෂත්වයකි. මේ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ICC ටෙස්ට් ශූරතා වලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය කරා ඉදිරියට පැමිණ තිබේ . පාකිස්තානය එහි 5වන ස්ථානයේ පසුවෙයි.

Trending

Exit mobile version