Sports

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාවට කඩුළු 6ක තියුණු ජයක්

Published

on

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරගයේදී දකුණූ අප්‍රිකාව හමුවේ කඩුළු 6ක අමිහිරි පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකාවට අද සිදු වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත හැකිවූයේ පන්දුවාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 77ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් වෙමින් Anrich Nortje ලකුණු 7කට කඩුළු 4ක් බිඳහෙළුවා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගයක ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. ලකුණූ 78ක ඉලක්කයක් හඹාගිය දකුණූ අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16.2කදී කඩුළු 4ක් දැවී ලකුණූ 80ක් ලබා තරගය ජයගත්තා. තියුණු සටනක් දුන් වනිදු හසරංග කඩුළු 2ක් සහ දසුන් ශානක සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳහෙළුවා.

Trending

Exit mobile version