Sports

ශ්‍රී ලංකාව කණ්ඩායමට අසාර්ථක ආරම්භයක් – පළමු තරගයෙන් නැමීබියාවට ලකුණු 55ක දැවැන්ත ජයක්.

Published

on

පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙනි. කෙසේ නමුත් ආරම්භක තරගයෙන් නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ අමිහිරි සහ අනපේක්ෂිත ලකුණු 55ක පරාජයකින් තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා නැමීබියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා. නැමීබියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jan Frylinck පන්දු 28කදී ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් වුණා. ඊට නැගී සහයක් දුන් JJ Smit පන්දු 16කදී ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19 අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 29ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස් කළා. අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට නැමීබියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී Ben Shikongo, Bernard Scholtz සහ David Wiese කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ නමුත් මෙම පරාජය ශ්‍රී ලංකාවට වෙස්වලාගත් ආශිර්වාදයක් වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති බව ලොව පුරා ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

Trending

Exit mobile version