Local News

ශ්‍රී ලංකාවට කඩුලු 2ක විශිෂ්ට ජයක් – තරගය දිනවපු අනන්තෙන් ආ තරු කුමරා (අසිත ප්‍රනාන්දු)

Published

on

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතරදෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරගයක හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් වුණා. බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ යොවුන් ක්‍රීඩක Afif Hossain පන්දු 22කදී ලකුණු 39ක් වාර්තා කිරීමට සමත් වුනා. Mehidy Hasan ලකුණු 38ක් රැස් කළ අතර Mahmudullah ලකුණු 27ක් රැස් කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වූනා. ඒ අනුව ලකුණු 184ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 184ක් වාර්තා කර තරගය ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 37ක් තුල වේගවත් ලකුණු 60ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 45ක්, පැතුම් නිස්සංක ලකුණු 20ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් රැස් කළා. අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අසිත ප්‍රනාන්දු පන්දු තුනකදී ලකුණු 10යි. පන්දු යැවීමේදී Ebadot Hossain කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව බංගලදේශ කණ්ඩායම සහභාගි වූ තරග දෙකම පරාජය වීම හේතුවෙන් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

Trending

Exit mobile version