Sports

වසර 13ක් පුරාවට TM ඩිල්ෂාන් සතු වූ වාර්තාවක් පැතුම් නිශ්ශංක බිඳ හෙළයි !

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට පැතුම් නිශ්ශංකගේ නමද අවිවාදයෙන් තොරවම ඇතුළත් කරන්නට හැකිය. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 16කට සහභාගීවූ අතර එහිදී නිශ්ශංක රැස් කරගන්නට සමත්ව ඇති ලකුණු සංඛ්‍යාව 491ක්. ඔහුට අමතරව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවනවා. ඒ තරග 16කදී ලකුණු 396ක් ලබා ගනිමින්. එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ කුසල් මෙන්ඩිස්. ඊයේ පැතුම් නිශ්ශංක පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 55ක් රැස් කරන්නට සමත්වූ අතර එම ඉනිමත් සමගින් වසරක් තුළ වැඩිම ලකුණු රැස් කල ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පෙරමුණ ලබාගන්නට ඔහු සමත් විය. ඒ තිලකරත්න ඩිල්ෂාන් පසුකර යමින්. 2009 වසර ඩිල්ෂාන්ගේ වූ බව කවුරුත් දන්නා රහසකි. එම කාල
සීමාව තුළදී ඩිල්ෂාන් තරග 12කදී ලකුණු 471ක් රැස් කරගෙන තිබුණි. එසේ නිශ්ශංක බිඳ දැමුවේ ඩිල්ෂාන් විසින් පිහිටවා තිබූ එම වාර්තාවයි. මීට පෙර එම ලැයිස්තුවේ සිව්වැනි තැන රැඳී සිටි හිටපු නායක දිනේෂ් චන්දිමාල් පසු
කරමින් එහි සිව්වැනි තැනට පත්වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හැකියාව ලැබුණි. ඒ 2016 වසරේදී චන්දිමාල් රැස් කළ ලකුණු 373 අභිබවා යමින්. ශානක මේ වසරේදී ලකුණු 396ක් රැස් කරගෙන තිබෙන අතර ඔහු ඒ සඳහා තරග 16 ක් වැය කොට තිබෙනව වසරක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ රැස් කළ වැඩිම ලකුණු පහතින්,

491* (16) – Pathum Nissanka – 2022

471 (12) – TM Dilshan – 2009

434 (12) – Kumar Sangakkara – 2009

396* (16) – Dasun Shanaka – 2022

373 (16) – Dinesh Chandimal – 2016

343 (09) – Mahela Jayawardena – 2010

Trending

Exit mobile version